මැයි 02 දා වෙන්න යන්නේ කුමක්ද ? සිදුවන 9 වැනි යුද්ධය... ආරංචි රැසක් මෙන්න...

Horoscope Astrology Lagna Palapala Latest Headlines Sinhala news
By Akash Apr 30, 2025 02:52 PM GMT
Report

මෙම වසරෙහි සිදුවන 9 වැනි ග්‍රහ යුද්ධය සහ මැයි මාසය තුළ සිදුවන එකම ග්‍රහ යුද්ධය ලෙස ලබන මස එනම් මැයි 2 වැනිදා රාත්‍රි 10.38 සිකුරු සහ නැප්චූන් යන ග්‍රහයන් යුද වදියි. මෙම ග්‍රහ යුද්ධයෙන් නැප්චූන් පරදවා සිකුරු ජය ගනියි.

ඒ අනුව මැයි 2 වැනිදාට පෙර සහ පසු ආසන්න දිනවල ප්‍රසිද්ධ කාන්තාවන් පිළිබඳව, ප්‍රසිද්ධ කලාකරුවන් පිළිබඳව විශේෂිත ආරංචිවලට ඉඩකඩ ඇත. මීට අමතර ලෙස, මෙම ග්‍රහ යුද්ධයට අනුව, මැයි 2 වැනිදා ආසන්න දින කිහිපය තුළ කලාකරුවකුට හෝ කලා නිර්මාණයකට ලැබෙන අන්තර්ජාතික සම්මානයකට පවා ඉඩකඩ පවතින බව පෙනේ.

ග්‍රහ යුද්ධයට නැප්චූන් සම්බන්ධ වීමට අනුව මැයි 2 වැනිදාට ආසන්න දිනවලදී මුහුද රළු වීමට, සුළි කුණාටු ඇති වීමට, ප්‍රබල භූ කම්පන ඇති වීමට ඉඩකඩ ඇති බැවින් ධීවරයන් සහ මුහුදු ආශ්‍රිතව රැකියාවන් කරන වෙනත් අය තම ආරක්ෂාව පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වීම නුවණට හුරුය. එමෙන්ම මුහුදෙහි කාලගුණය ගොඩබිමටද බලපෑ හැකි බැවින් එකී කාලවකවානුව තුළ ගොඩබිමෙහි කාලගුණයද බලාපොරොත්තු රහිත ලෙස විපරිත විය හැකි බව පෙනේ.

ඉහත කී ආකාරයට සිකුරු සහ නැප්චූන් යුද වැදීමට අනුව, 2025 වසරෙහි මැයි 2 වැනිදාට පෙර සහ පසු දින කිහිපය තුළ රිය අනතුරු සහ වෙනත් හදිසි අනතුරුවල ශීඝ්‍ර වැඩි වීමක් පෙන්නුම් කෙරේ. එම නිසා ඉහත කී කාලසීමාව තුළ ගමන් බිමන් යෑම ඇතුළු සෑම කටයුත්තකදීම වෙනදාටත් වඩා පරික්ෂාකාරීව කටයුතු කිරීම නුවණට හුරුය.

ඉහත ග්‍රහ යුද්ධයට අනුව එකී දින කිහිපය තුළ දේපළ සම්බන්ධව සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රය සම්බන්ධව අසුබ ආරංචිවලටද, ආගමික අංශ සම්බන්ධව අසුබ ආරංචිවලටද ඉඩකඩ පවතින බව පෙනේ. ඉදිරියේදී සිදුවීමට නියමිත ග්‍රහ මාරු පිළිබඳ විමසිලිමත් වීමේදී ලබන මස එනම් මැයි මස 14 වැනිදා සිදුවීමට නියමිත ගුරු මාරුව වඩාත් තීරණාත්මක වෙයි.

ඒ අනුව ගුරු මාරුව සිදුවන 14 වැනිදා රාත්‍රි 10.36ට මිථුන රාශිය කරා පිවිසෙන ගුරු ග්‍රහයා මෙම වසරේ ඔක්තෝබර් 18 වැනිදා රාත්‍රි 7.49ට කටකයට යයි. නැවත දෙසැම්බර් 05 මිථුනයට යයි. මෙම ග්‍රහ චලිතයට අනුව, වැඩිහිටි වියෙහි පසුවන සෑම ලග්න හිමියකුටම පාහේ ඉහත කාලසීමාව තුළ සිදුවිය හැකි සිදුවීම් 2013 වසරෙහි මැයි 31 වැනිදාත්, 2014 වසරෙහි ජුනි 20 වැනිදාත් අතර කාලසීමාව තුළ සිදුවීම්වලටද 2001 වසරෙහි ජුනි 16 වැනිදාත් 2002 වසරෙහි ජූලි 7 වැනිදාත් අතර කාලසීමාව තුළ සිදු වූ සිදුවීම්වලටද සමාන්තර වනු ඇත.

ඒ අනුව, ඉහත කාලසීමාව තුළ සිදු වූ සිදුවීම් පිළිබඳව අධ්‍යයනය කිරීම තුළින් 2025 වසරෙහි මැයි 14 වැනිදාත්, 2025 වසරෙහි ඔක්තෝබර් 18 වැනිදාත් අතර කාලසීමාව තුළ පෞද්ගලිකව සිදු විය හැකි සිදුවීම් පිළිබඳව පෙර ඇගයීමක් කළ හැකි වනු ඇත. තවද ඉදිරියේදී සිදුවන ග්‍රහ මාරු පිළිබඳව විමසිලිමත් වීමේදී මෙම 2025 වසරෙහි මැයි 18 වැනිදා රාත්‍රි 7.33ට රාහු ග්‍රහයා කුම්භ රාශියටද, කේතු ග්‍රහයා සිංහ රාශියටද පිවිසීම තීරණාත්මක වෙයි.