ශ්‍රී ලංකාවට එන විදේශිකයින්ට ගුවන්තොටුපොළේදීම දෙන්න යන දේ

Tourism Latest Headlines SriLanka - Puwath Puwath.lk
By Shehan Jul 23, 2025 05:05 PM GMT
Report

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා විශේෂ කවුළුවක් කටුනායක ගුවන් තොටුපොළේදී ස්ථාපිත කිරීමට නියමිතයි.

මේ වනවිට මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යා යුතු වනවා.

මෙය කාලය හා මුදල් නාස්තියක් බවට පෙන්වා දීමෙන් අනතුරුව, මෙම තීරණය ගත් බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. නව වැඩපිළිවෙල ලබන මස තුන් වැනිදා සිට ක්‍රියාත්මකයි.