වයස අවුරුදු මිලියන 12කට වැඩි වන්දාට සිදු වූ දේ මෙන්න.(PHOTOS)

Gossips World market Wanda Praying mantis
By Aruna Dec 19, 2021 07:33 AM GMT
Report

බැලූ බැල්මට ඊයෙ පෙරේදා වගේ පෙනුනත් මෙයාගෙ වයස අවුරුදු මිලියන දොලහකට වැඩියි. ඒක සුළු ගාණක්...

ප්‍රේයින්ග් මැන්ටිස් ( Praying Mantis) නැත්තං "වන්දා" ජුරාසික් යුගයේ ඉඳන් .

ඒ කියන්නෙ අවුරුදු මිලියන 199 ක වගේ ඈත කාලෙ ඉඳන් ජීවත් වෙන අපූරු සතෙක්. ඩයිනෝසෝරයන් ගැන මතකය පවා මේ අය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙනව.

මෙයා දෙයියන්ට.. පිලිම වලට අරයට මෙයාට වඳිනව කිව්වට, දෙයියො.. යක්කු ..භූතයො .. දාර්ශණිකයො පහල වෙන්න කලින් ඉඳලම තමයි පාඩුවේ ජීවත් වෙන්නෙ.

පණ්ඩිත කම් දොඩවන මිනිසාගේ ජනාවාස වීම ආරම්භ වෙන්නෙ අවුරුදු 6000ක තරම් මෑත කාලෙ. හැබැයි ඒ මිනිසාගේ මෝඩ හැසිරීම නිසා අවුරුදු මිලියන දෙසීයක ඉඳන් ජීවත් වෙන වන්දාත් වඳ වෙලා යන්න ඉඩ තියනව.

ගහකින් ඇදුනු ගම් විශේෂයකින් ආවරණය වූ මේ ඇම්බ පොසිලය ස්වාභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් නෙවේද.?

2016 දී හෙරිටේජ් ඔක්ශන් ( Heritage Auction )නම් ප්‍රසිද්ධ වෙන්දේසි ආයතනයේදී මේ අවුරුදු මිලියන ගණනක වන්දා ඩොලර් මිලියන ගණනාවකට වෙන්දේසි වුනා.

මැල්කම් සංග්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery