ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ

Latest Headlines Teachers Sinhala news Breaking News Puwath.lk
By R.rishma Oct 31, 2026 05:28 AM GMT
Report

ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණවල කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

විවෘත සහ සීමිත පදනම යටතේ මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිත අතර, සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලබා ඇති අපේක්ෂකයින්ට අදාළ කාලසටහන පරීක්ෂා කිරීමෙන් තමන්ට හිමි සම්මුඛ පරීක්ෂණ දිනය, වේලාව ඇතුළු තොරතුරු දැනගත හැකිය.

ඒ අනුව, සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට සුදුසුකම් ලබා ඇති සියලුම අපේක්ෂකයින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති කාලසටහන පරීක්ෂා කර, නියමිත දිනයේදී සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සූදානම් කරගන්නා ලෙස දැනුම් දී තිබේ.