මෙරට දුම්රියකදී ඉන්දීය තරුණියකට සිදු වූ අකරතැබ්බය මෙන්න..(PHOTO)
ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක සුඛෝපභෝගී මැදිරියක ගමන් ගත් මේ රට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉන්දීය ජාතික අවුරුදු 24 ක් වයස තරුණියක් සතු රුපියල් ලක්ෂ හතරහමාරක් පමණ වටිනා ලැප්ටොප් පරිගණකයක් සහ ඒවායේ උපාංග සහිත බෑගයක් අමතක වීමකින් දමා ගොස් තිබියදී එම බෑගය දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරියකු විසින් සොයාගෙන එම තරුණියට භාරදී ඇති අපූරු පුවතක් වාර්තා වනවා.
මෙම ආදර්ශමත් සත් ක්‍රියාව සිදුකර ඇත්තේ දුම්රිය ආරක්ෂක හමුදාවේ මාලිගාවත්ත කාර්යාලයේ රාජකාරී කරන සැරයන් කපිල මාරසිංහ(91075)මහතා බවයි පැවසෙන්නේ.
ගාල්ලේ සිට පැමිණි දුම්රිය මාලිගාවත්ත දුම්රිය අංගනයට ගාල් කිරීමට ගෙනා අවස්ථාවේ නිරතව සිටි සැරයන් මාර සිංහ මහතා මැදිරියක රාක්කය මත තිබූ බෑගයක් රැගෙන පැමිණ දුම්රිය ආරක්ෂක හමුදාවේ මාලිගාවත්ත ඒකකයේ ස්ථානාධිපති උප පරීක්ෂක නන්දන පෙරේරා මහතාට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ඉන්දීය ජාතික තරුණිය බෑගය සොයා පැමිණීමෙන් පසු ඇයට භාරදී තිබේ. සැරයන් මාරසිංහ මහතාට හමුවූ එම බෑගය පහසුවෙන්ම සඟවා තබා ගැනීමට හැකියාව තිබේදී එසේ නොකර එය තමාට බාරදීම ගැන ඉන්දීය ජාතික තරුණිය ඔහුට ස්තුතිය පුදකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඇය දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් සමග සමඟ පවසා ඇත්තේ, ලැප් ටොප් පරිගණකය ඇතුළු උපාංග සහිත මෙම බෑගය තමාට යළි හමුවේ යැයි කියා කිසිසේත් සිතුවේ නොමැති බවයි.
මෙම බෑගය ඉන්දීය ජාතික තරුණියට භාරදීමෙන් පසු ඇය ඡායාරූපයකටද පෙනී සිට ඇති අතර මෙම ඡායාරූපයේ සැරයන් මාරසිංහ, උප පරීක්ෂක නන්දන පෙරේරාසහ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිරෝෂා මහත්මියද සිටී.
දුම්රිය ආරක්ෂක හමුදාවේ අධිකාරි අනුර පේමරත්න සහ සහකාර අධිකාරී යූ . ඒකනායක(මාලිගාවත්ත) යන මහත්වරුන්ටද මේ බව දැනුම් දී ඇත.