ගුවන් යානයක් තුළදී සුරූපී ගුවන් සේවිකාවකගේ අතින් තදින් අල්ලාගත් ගුවන් මගියෙක් කළදේ මාට්ටුවෙයි..
කුවේට් සිට කටුනායක බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු විසින් අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදු වීමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.
පොලිසිය පවසන්නේ, අදාළ ගුවන් මගියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානය ඊයේ (30) අලුයම 02.00 ට පමණ කුවේට් සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එම ගුවන් යානය තුළ හොරණ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීම සදහා අසුන් ගෙන සිට ඇති බවයි සදහන් වන්නේ.
පොලිසිය පවසන්නේ, පසුව ගුවන් මගීන්ට ආහාරපාන ලබා දී , ඒවා පිරිනැමූ භාජන ඉවත් කිරීම ආරම්භ කර ඇති අතර එහිදී මෙම ගුවන් මගියාගේ ආහාරපාන ලබා දුන් හිස් භාජන ඉවත් කර ගැනීමට සූදානම් වනවිට ගුවන් සේවිකාවගේ වම් අත , මැණික් කටුව සහ වැලමිට අතර ප්‍රදේශයෙන් තදින් අල්ලා , පරුෂ වචනයෙන් ද බැණ ඇති බවයි.
පසුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%