වට්ස්ඇප් ගිණුම් ලක්ෂ 16 ක් හදිසියේම අත්හිටුවයි... හේතුව මෙන්න..
වට්ස්ඇප් කියන්නෙ අද වෙනකොට හැමෝම වගේ භාවිතා කරන, අත්‍යවශ්‍යම විදිහේ මෙවලමක්.
ඒ වගේම හුඟක් නීති විරෝධි වැඩවලටත් වට්ස්ඇප් භාවිතා කරන බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.
විශේෂයෙන්ම ඇතැම් අපරාධ සැළසුම් කරන්නත් 'වට්සැප් සමූහ' මහෝපකාරී වන බව දැනටමත් අනාවරණය වෙලා තියෙනවා. (අපේ රටේ මෑතක සිද්ධ වුණු දේවල් හොඳම උදාහරණ.) කොහොම වුණත්, මේ අලුත්ම කතාව අපිට ඇහෙන්නෙ අසල්වැසි ඉන්දියාවෙන්.
පසුගිය අප්‍රේල් මාසය වෙනකොට ඉන්දියාවේ ලක්ෂ 16කට අධික පරිශීලකයින්ගේ වට්ස්ඇප් ගිණුම් අවහිර කර ඇති බවට ඉන්දීය මාධ්‍ය අද දිනයේ වාර්තා කළා.
ඒ අනුව ගිණුම් 1, 666, 000 කට අධික සංඛෘවක් මේ වන විට අවහිර කර ඇති අතර, වට්ස්ඇප් සමාගම මීට අදාළව නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
එසේම, මෙවැනි ද්වේශ සහගත ක්‍රියා වැළැක්වීමට දිගින් දිගටම ක්‍රියා කරන බවත් වට්ස්ඇප් සමාගම දැනුම් දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |