කාළගුණයෙන් අනතුරු ඇගවීමක්.

By Sithumi Dec 20, 2022 06:16 PM GMT
Report

 ඊසාන දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් ප්‍රදේශ රැසකට අද රාත්‍රියේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  

එම දෙපාර්තමේන්තුව පවසන්නේ දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින 03 තුලදී බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ මුහුදු වෙරළ වෙත ලගාවීමේ හැකියාවක් පවතින බවයි.