පලාතක සියලුම ත්‍රීරෝද රථ සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..
බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථ බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි වී අවසර පත්‍රයක් ලබාගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. එච්. ප්‍රසන්න සංජීව මහතා ඊයේ (04 දා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
මේ ගැන වැඩිදුර විස්තර 0112864542 ට අමතා දැනකියා ගත හැකි බවයි සංජීව මහතා වැඩිදුරටත් කියා සිටායේ.
බත්තරමුල්ල, රන්මඟ පාරේ පිහිටි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී ප්‍රවාහන අධිකාරිය මගින් ස්ථාපිත කෙරුණු ත්‍රිරෝද රථ කාර්යාංශය පිළිබඳ පොත් පිංචක්ද එළිදක්වනු ලැබීම විශේෂත්වයක්.
එසේ ලියාපදිංචි වීමට රුපියල් 3000ක මුදලක් අය කරන බවයි ඒ මහතා කියා සිටියේ.
ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා රුපියල් 500ක්ද, වාර්ෂික මගී ප්‍රවාහන සේවා අවසර පත්‍රය සඳහා රුපියල් 1000ක්ද, රියැදුරු ලියාපදිංචිය සඳහා රුපියල් 1500ක්ද ආදී වශයෙන් මෙම රුපියල් 3000ක මුදලක් අය කරන බවයි සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.
බස්නාහිර පළාතේ ඇති මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල 8 තුළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය සිදු කරන බවද ඒ මහතා කීය.
මේ ගැන වැඩිදුර තොරතුරු www.wptaxi.lk වෙබ් පිටුව ඔස්සේ දැනගත හැකි බවද ඒ මහතා සඳහන් කළා.
බස්නාහිර ත්‍රිරෝද ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචිය අනිවාර්යයි සභාපතිවරයා කියා සිටියේ, බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ තුන්ලක්ෂ පනස් හතර දහසක් (354,000) ඇති බවත්, ඉන් වෘත්තීමය ත්‍රිරෝද රථ විසිනවදහසක් පමණ මේ වනවිට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි වී ඇති බවයි.
ලබන ජුනි 30 වැනිදා දක්වා බස්නාහිර පළාතේ වෘත්තීමය ත්‍රිරෝද රථ ප්‍රවාහන අධිකාරිය යටතේ ලියාපදිංචිය සඳහා අවස්ථාව ලබාදෙන බවත්, ජූලි 01 වැනිදා සිට සියලු ත්‍රිරෝද රථ මාර්ග පරීක්ෂකවරුන් ලවා පරීක්ෂාවට ලක් කරන බවත් එහිදී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචි නොවී මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා කියා සිටියේ.
මෙම මාධ්‍ය හමුවට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරි ජගත් පෙරේරා, ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ස්ථානාධිපති ජීවින්ද කීර්තිරත්න යන මහත්වරුන්ද ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා ඇතුළු ත්‍රිරෝද රථ නියෝජිතයෝද සහභාගීවී සිටියහ.