පාසල් 32 කට සිදු වූ දෙයක් ගැන නවතම අනාවරණයක්..
Ministry of Education
Western Province
Sri Lankan Schools
Education
By Aruna
බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන පාසල් 32 ක මේස සහ පුටු 6265ක් අබලන් තත්ත්වයේ පවතින බව අනාවරණය වී තිබෙනවා.
මේ බව අනාවරණය වූයේ, කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ඊයේ (11 වැනිදා) පැවැති දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි.
බස්නාහිර පළාත් සභාවට අයත් පාසල්වල ඩෙස් සහ පුටු පළාත් සභා ප්රතිපාදන යටතේ අලුත් වැඩියා කිරීමට දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවෙන් අනුමැතිය ඉල්ලා තිබුණා.
ඒ අනුව, හෝමාගම, පිළියන්දල, ජයවර්ධනපුර සහ කොළඹ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල පිහිටා තිබෙන පාසල් 32 ක මේස හා පුටු 6265 ක් පිළිසකර කිරීම සඳහා දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව විසින් අනුමැතිය ලබා දී ඇති බවයි පැවසෙන්නේ.