ප්‍රභල මන්ත්‍රීවරයෙකුගේ සුපිරි රිය ජනතාව වටලයි..! බිත්තර ප්‍රහාර හූ හඬ මැද්දේ පලා යයි..වීඩියෝ සහිතයි..(VIDEO)
ඇඹිලිපිටිය, කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ පැවැති රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබූ රැස්වීමකට බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දිසානායක පැමිණීමේදී උණුසුම් තත්ත්වයක් මතු වී තිබෙනවා.
මෙම උත්සවයට ශෂින්ද්‍ර රාජපක්ෂගේ පැමිණීම සම්බන්ධයෙන් ද කළු කොඩි ඔසවා විරෝධතාවයක් සංවිධානය කර තිබීම හේතුවෙනුයි රාජ්‍ය අමාත්‍යවරයා එම උත්සවය මඟ හැර ඇත්තේ.
කෙසේ වෙතත්, බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් එම අවස්ථාවට සහභාගී වී ඇති අතර, ඔහුට ද උත්සව භූමිය තුළදී දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන්, සහතික පත්‍ර ලබා දීමේ කටයුත්තටත් නොසිට ඔහු එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි, මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරින් කටයුතු කර තිබුණේ.
ඔහු උත්සව භූමියෙන් ඉවතට පැමිණෙද්දි එම උත්සවයට පැමිණ සිටි පිරිස මන්ත්‍රීවරයා ගමන් ගත් රථය හරස් කර එයට විරෝධය දක්වා ඇති අතර බිත්තර ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම ප්‍රකෝපකාරී පිරිස් අතරින් මන්ත්‍රීවරයා රැගත් ජීප් රිය ගමන් ගනිද්දී ඔහුට දැඩි හූ හඬක් ද එල්ලවූ බවයි වාර්තා වන්නේ.
(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |