නිල ඇඳුමෙන් පැමිණ නිවසක් කොල්ලකයි ..

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Dec 11, 2022 01:57 PM GMT
Report

වැල්ලම්පිටිය පොලිසිය විසින්, පොලිස් නිල ඇඳුමෙන් ගොස් නිවසක් කොල්ලකෑ පාර්ලිමේන්තු කොට්ඨාසයේ කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කොස්තාපල් ඇතුලු තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහි වුවන් බවද පොලිසිය පවසයි.

මොවුන් තිදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑමට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

අයිස් මත්ද්‍රව්‍ය පානයට මුදල් සොයා ගැනීම සදහා මොවුන් කොල්ලකෑමේ නිරත වී ඇති බවද පොලිසයි සැකකාර කොස්තාපල් වැඩිතහනමට ලක්කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join Now