අමානුෂික ලෙස ඝාතනය කර ඇද ඇතිරිල්ලක එතු කාන්තා මළ සිරුර - ගමක් බියවැද්දු ඝාතනය

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Aug 25, 2022 03:16 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක් අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ඇයගේ දියණිය විසින් වැලිමඩ පොලීසියට කළ පැමිණිල්ලක් මත විමර්ශනය ආරම්භ කර තිබුණි. ඒ අනුව ඊයේ (24) අදාළ කාන්තාවගේ අමානුෂික ලෙස ඝාතනය කල මළ සිරුර ඇඳ ඇතිරිල්ලකින් ඔතා එම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ ඇති පාළු ළිඳක දමා තිබිය දී පොලීසිය විසින් සොයාගෙන ඇත.එලෙස මියගොස් ඇත්තේ පුරංවෙල ප්‍රදේශයේ පදිංචි 54ක් වු කාන්තාවකි.

මියගිය කාන්තාව විසින් තවත් පුද්ගලයෙකු සමග හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම පුද්ගලයා සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇතැයි අනාවරණය වී තිබේ. එම පුද්ගලයා සමග ඇති වු බහින්බස්වීමක් මත එම පුද්ගලයා විසින් මෙම කාන්තාව ඝාතනය කර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී ඇත.අදාළ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් තලවකැලේ පදිංචි අවුරුදු 37ක පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

................................................................................

You may like this video

හර්ෂ ද සිල්වාගෙන් විශේෂ ප්‍රකාශයක් 


   සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now