මරණ දඬුවමට නියමව සිටි සිරකරුවෙක් බන්ධනාගාර නිනිලධාරීන්ගේ ඇඳුමකින් සැරසී සිදු කළ දේ..

Sri Lanka Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison
By Sewvandhi Jun 25, 2023 11:40 AM GMT
Report

මරණීය දණ්ඩනය සදහා රදවා සිටි සිරකරුවෙකු වැලිකඩ බන්ධනාගාරයේ දී ඉතා සූක්ෂම ලෙස පළා ගොස් ඇති අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

 අද(25) උදෑසන 09.30ට පමණ එම සිරකරුවා මෙලෙස පැනගොස් ඇත්තේ ආගමික වැඩසටහනක් සදහා ඔහු රඳවා සිටි සිරමැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේදීයි.

මෙහිදී ඔහු සඟවාගෙන සිට තිබූ බන්ධනාගාර නිලධාරියෙකුගේ නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී බන්ධනාගාර නිලධාරීන්ට ද ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් ඔහු මෙලෙස පැන ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් සැක සිතූ බන්ධනාගාර නිළධාරීන් විසින් මෙම සිරකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් සිදු කර තිබූ අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක නැගී සිටියදීයි.

ගම්පහ මහාධිකරණය මගින් 2015.03.06වන දින මිණිමැරුම් චෝදනාවක් යටතේ මරණීය දණ්ඩනයට නියමව සිටි සිරකරුවෙක් වන ඔහු වයස අවුරුදු 42ක් පමණ වන පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.