ජීවිතය එපා වූ මවගේ ජීවිතය රැක ගත් පොලීසිය
වැලිගම ප්‍රදේශයෙන් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් සෑමවිටම මැදිගත්වන පොලීසිය විසින් සිදුකළ විශේෂ කටයුත්තක් පිළිබඳව වාර්තා වුණි.
එනම්, සියදිවි නසාගැනීමට වැලිගම නගරයේ සැරිසරමින් සිටි තරුණ කාන්තාවකගේ ජීවිතය බේරාගෙන ඇයගේ මනස නිරවුල් කර රැකියාවක් සඳහා ද යොමු කිරීමමේ උතුම් ක්‍රියාවක් සම්බන්ධයෙනි.
අදාල ක්‍රියාව සිදුකර තිබුණේ වැලිගම පොලීසිය විසිනි. ඊයේ (26) පෙරවරුවේදී ත්ම සැමියා සලකන්නේ නැති බැවින් ජීවත්වීමට තරම් ආර්ථික හැකියාවක් ද නොමැති බව පවසමින් තම ජීවිතය අවසන් කරගැනීම සඳහා මෙම තරුණ කාන්තාව වැලිගම නගරයේ සැරිසරමින් සිට තිබුණි.
එහිදී පොලීසියට ලද තොරතුරක් අනුව වැලිගම පොලීසියේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ ශාන්ත සහ වික්‍රමආරච්චි යන නිලධාරීන් දෙදෙනා විසින් එම තරුණිය වැලිගම පොලිස් මූලස්ථානය වෙත කැඳවාගෙන පැමිණියේය.
අනතුරව ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඇයගේ සැමියා ඇයට නොසලකන බවත් තමන්ට ජීවත්වීම සඳහා අවශ්‍ය ආර්ථික පසුබිමක් නොමැති බවත්ය.
ඒ හේතුවෙන් තම ජීවිතය හානි කරගැනීමේ අරමුණින් අහංගම ප්‍රදේශයේ සිට වැලිගම නගරය වෙත පැමිණි බව ඇය විසින් පොලීසියට පවසා තිබේ. ඇය විසින් තම එකම දරුවා ද නිවසේ දමා පැමිණ ඇති බවද පොලිස් ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
ප්‍රශ්න කිරීමෙන් අනතුරව වැලිගම මුලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ඩී. එම් අබේසේකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායම විසින් අදාළ තරුණ කාන්තාවට ඇයගේ ජීවිතය ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය කටයුතුවලට ශක්තියවීමට තීරණය කර තිබුණි.
ඒ අනුව ඇය රැකියාවක් වෙත යොමු කිරීමටත් එ් සඳහා නවාතැන්පොළක් වෙනුවෙන් අවශ්‍ය මුදල් පරිත්‍යාග කිරීමටත් වැලිගම පොලීසිය කටයුතු කර තිබුණි. පසුව එම තරුණ කාන්තාව වැලිගම මුලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ඇතුළු සියලුම නිලධාරීන්ට ස්තුතිය පළ කරමින් ඉන් පිටව ගියාය. ඇය පිළිබඳව නිතර සොයාබැලීමට ද පොලීසිය තීරණය කර තිබුණි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |