ඔබත් මහත්වෙන්න කැමති කෙනෙක්ද..? තවමත් ප්‍රථිපලයක් නැද්ද - එහෙනම් මෙන්න වට්ටෝරුව..

Healthy Food Recipes
By Sewvandhi Aug 31, 2023 04:10 PM GMT
Sewvandhi

Sewvandhi

in රචනා
Report

මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න ඕනි නෑනේ දැන් මේක බලන ඔයාලත් දන්නවනේ.. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් විදියේ ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආබාධ එහෙමත් නැත්තන් ‘සයිඩ් ඉෆෙක්ට්ස්’ හරිම වැඩියි.

ඉතින් ඇග කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි ඛෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000 ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ. ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න ඛෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා.

ඉතින් මේ අතුරු ආබාධ නැති මේ ආයුර්වේද ක්‍රම ඔයගොල්ලෝ නිවැරදිව භාවිතා කරොත් කෙසග ඇග හොද පෘෂ්ටිමත් ඇගක් බවට පත් කර ගන්න පුළුවන් වේවි

🏵️කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපලා එය මතට පිරිසිඳු කිතුල් පැනි දමා රාත්‍රී ආහාරයට පෙර කෑම.

🏵️රටඉඳි වල ඇට ඉවත් කර ඒ තුලට එලගිතෙල් පුරවා මීපැණි මිශ‍්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.

🏵️නැවුම් එලකිරි වලට පිරිසිඳු එලගි තෙල් ස්වල්පයක් දමා පානය කරන්න.

🏵️හාතවාරිය අල වලින් කැඳ සාද පානය කරන්න.

🏵️අලූත් උක් හකුරු,එලගි තෙල් හා මීපැණි සමග මිශ‍්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම.

🏵️තිප්පිලි, වියලි ඉගුරු චූර්නය ස්වල්ප ප‍්‍රමාණයක් බත් සමග මිශ‍්‍ර කර කෑම – පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි.

🏵️බිත්තර සුදුමදය එලකිරි සමග මිශ‍්‍ර කර පානය.

🏵️කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2 ක ප‍්‍රමාණයක් කා එල කිරි පානය කරන්න.

🏵️🏵️🏵️ 🥞මහත් වෙන්න තවත් රහසිගත වට්ටොරුවක් පහලින් දක්වන්නම්.

හැබැයි මේ ඛෙහෙත් වට්ටෝරුව කල් තබාගැනීම ගැන ප්‍රශ්න තියෙනවා

1 උදු පිටි ග්‍රෑම් 50ක්

2 රටඉදි ගෙඩි 20ක්

3 ඉදුණු අළු කෙසෙල් ගෙඩි 3ක්

4 එළගිතෙල් මි.ලි 50ක්

5 මීපැණි මි.ලි 50ක් (පිරිසිදු එළගිතෙල් සහ මී පැණි හොයාගන්න වෙනවා)

ඉස්සෙලම අළු කෙසෙල් පොතු හැර කැබලි කපා ගන්න.ඊට පස්සේ රටඉදි වල ඇට ඉවත් කරගන්න. දැන් මේ රටඉදි, අළු කෙසෙල් ටික වියලි බදුනකට දමා ගන්න. ඒකට ම ඔයා ලග තියෙන උදු පිටි ටිකත් දාලා හොදට අතින් පොඩි කරගන්න. මේක තලපයක් වගේ වෙන විදියට හොදට පොඩි කරගන්න ඕන.

ඒක හොදට හදා ගත්තට පස්සේ ඔයා කරන්න ඕන අර මී පැණි ටිකයි එළගිතෙල් ටිකයි එකට දාලා හොදට අනාගන්න. දැන් ඔයා ඛෙහෙත හදලා ඉවරයි. වැදගත්ම දේ තමයි මේකට කෘමින් සහ සුළං නොයෙන ලෙස වසා තබා ගැනීමයි. දැන් මේ හදාගත්ත ඛෙහෙතෙන් නෙල්ලි ගෙඩියක් තරම් ප්‍රමාණයක් උදේ හවස ගන්න.

එතකොට ඔයාගේ ඔය කෙට්ටුව මට්ටු වෙලා ඇගපත මහත් වෙනවා. කිසිම අතුරු ආබාධයක් නැතුව. ඔයාට සැක නැතුව මේක භාවිතා කරන්න පුළුවන් මොකද ඔයාම හදපු නිසාත් මේකට දැම්මේ මොනවද කියලා ඔයා දන්නා නිසාත්.අනිත් දේ තමා මේ සමග එළකිරි වීදුරුවකට ඉගුරු පෙති තුනක් පමණ දාලා පැය බාගයකට පස්සේ බොන්න.

එතකොට තවත් හොද ප්‍රතිපල ඔයාට ගන්න පුළුවන්. අපි අපේ දේ විශ්වාස කරන්න ඕන. අනික මේක අත්දුටු වෙදකමක් වැඩි වියදමක් නැතුව අතුරු අබාධ නැතුව ඔයාට ඕන දේ කර ගන්න පුළුවන් වෙනවා. කරලම බලන්න ඔයාටම වෙනස තේරෙයි.