ඉදිරි දින තුනෙහි විදුලි කප්පාදු කාල සටහන මෙන්න..
ඉදිරි දින කිහිපය තුල සිදුවන විදුලි කප්පාදුව මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව හෙට (15) සහ අනිද්දා (16) දිනවල පැයයි විනාඩි 20ක කාලයක් සහ 17 වනදා පැය දෙකයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
15 සහ 16 දිනවල A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.
17 වනදා A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ.
කෙසේවෙතත් සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කිරීමට තීරණය කර ඇති බවයි විදුලි බල මණ්ඩලය අද කියාසිටියේ. ඒ, ජල උත්පාදනය වැඩි වීම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන්.
ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව දිගට ම පැවතුන හොත් විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අවම මට්ටමක තබා ගනු ඇති බව යි වාර්තා වන්නේ.
ඉදිරි විදුලි උත්පාදනය සඳහා පවතින ජල සම්පත් ලංකා විදුලි බල මන්ඩලය කළමනාකරණය කරනු ඇති බව ද සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |

