මෙරට ජනතාවට වාසි ගෙන දෙන අලුත් වෙබ්අඩවියක් හදුන්වා දෙයි..

Sri Lanka
By Aruna Apr 13, 2023 04:30 AM GMT
Report

සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් හට ලෝක කුළුබඩු වෙළෙඳපොළ වෙත ළඟාවීමේ පහසුකම් සලසා දීමේ අරමුණින් මෙරට පළමු කුළුබඩු ආශ්‍රිත වෙබ් අඩවිය කුළුබඩු හා ඒ ආශ්‍රිත අලෙවි මණ්ඩලය විසින් හඳුන්වා දී තිබෙනවා.

දේශීය කුළුබඩු පිළිබඳ තොරතුරු මෙන්ම කුළුබඩු හා ඒ ආශ්‍රිත අලෙවි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන අලෙවිසල් විසි හතර පිළිබඳව තොරතුරුද මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගත වීම විශේෂත්වයක්.

මෙමගින් මාර්ග ගත ක්‍රමවේදය හරහා ලංකාවේ ඕනෑම ස්ථානයකට කුළුබඩු නිෂ්පාදන ගෙන්වා ගැනීමේ හැකියාව ලැබේ.

තැපැල් දෙපාර්තමේන්තුව හරහා කඩිනමින් එම නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ලබාදීමට නියමිත බවයි පැවසෙන්නේ.

එමෙන්ම ඉදිරියේදී විදේශගත ශ්‍රමිකයන් හටද මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ දේශීය කුළුබඩු මිලදී ගැනීමට මේ හරහා අවස්ථාව ලබාදීමටද සැලසුම් සකසා ඇති බව කුළුබඩු හා ඒ ආශ්‍රිත අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදුනී ගුණසේකර මහත්මිය පැවසුවාය.

චීනය වැනි රටවල විශාල කුළුබඩු වෙළෙඳපොළක් පවතින හෙයින් එවැනි වෙළෙඳපොළවල් වෙත මෙරට ගුණාත්මක නිෂ්පාදන ලබාදිය හැකි බවත්, මෙම වෙබ් අඩවිය මගින් අපනයනයකරුවන් හට ප්‍රතිලාභ රැසක් හිමිවන බවත් ඇය කියා සිටියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now