විශාල ග්‍රාහක 06ක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි..
Weather
World
By Aruna
ගුවන් යානයක් තරම් විශාල ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසනවා.
පැයට කිලෝමීටර 23,331 වේගයකින් ගමන් කරන මෙම ග්‍රාහකය නම් කර ඇත්තේ 2023 සී ජී වන් ලෙසයි.
විශාලත්වයෙන් අඩි 99 ක් පමණ වන එය පෘථිවියට සැතපුම් මිලියන 3.62 ක් ආසන්නයෙන් අද දිනයේ ගමන් කරනු ඇති බවටයි නාසා විද්‍යාඥයන් ඇස්තමේන්තු කර ඇත්තේ.
වසර බිලියන 4.6 කට පමණ පෙර සෞර ග්‍රහ මණ්ඩලය බිහිවීමෙන් පසු ඉතිරිවූ පාෂාණ කොටස් හැඳින්වෙන්නේ ග්‍රාහක ලෙසයි.
ඉදිරි දින කිහිපය තුළ තවත් ග්‍රාහක පහක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බවයි නාසා ආයතනය පවසන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |