අඩු පීඩන කලාපය බටහිරට ගමන් කරයි - අදත් ප්රදේශ රැසකට තද වැසි
ශ්රී ලංකාව ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට බටහිර දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කෙසේ වෙතත්, එම පද්ධතියේ බලපෑම අද (23) දිනයේදීත් දිවයිනේ ප්රදේශ රැසකට බලපෑ හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුර සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර සහ ගාල්ල දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.
දිවයිනේ සෙසු ප්රදේශවලට ද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මේ අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.