අද දිවයිනේ ප්‍රදේශ රැසක කාලගුණය වෙනස් වෙයි..මේ ප්‍රදේශ වල අය අවධානයෙන්..

Sri Lanka Western Province Sabaragamuwa Province Weather
By Aruna Dec 19, 2022 01:15 AM GMT
Report

නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක් පමණ තරමක් තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now