කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්..

Western Province Southern Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna May 21, 2024 04:49 AM GMT
Report

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර අවදානමක් පවතින බවයි.

කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්..සවස් කාලයේ මේ ප්‍රදේශ වල අය එළියට යන්නෙ බලාගෙන..

කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්..සවස් කාලයේ මේ ප්‍රදේශ වල අය එළියට යන්නෙ බලාගෙන..


ඊට අමතරව අත්තනගලු ඔය ද්‍රෝණියේ ජල මට්ටම ද ඉදිරි පැය 48 දක්වා වූ කාලයේ ඉහළ යාමත් සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් ගංවතුර අවදානමට ලක්ව ඇති බවයි දැනුම්දී ඇත්තේ.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 08කට බලපෑම් එල්ල වී ඇති බවයි.

අද රට පුරා සෑම රාජ්‍ය ආයතනයකම කළ යුතු දේ..මුළු රටම විශේෂ දිනයක් වෙයි..

අද රට පුරා සෑම රාජ්‍ය ආයතනයකම කළ යුතු දේ..මුළු රටම විශේෂ දිනයක් වෙයි..


මේ අතර අද කාලගුණයට අදාලව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

එම නිවේදනය පහත පරිදිවේ.


Gallery