යළි දරුණු සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන්..
නිරිතදිග දකුණු-ඉන්දියන් සාගරයේ ‘ෆාබියෙන්’ නිවර්තන සුළි කුණාටුව, 2023 මැයි 17 දින පෙ.ව. 02.30 වනවිට 8.3S, 74.0E ආසන්නයේ කේන්ද්‍රගතව පිහිටා තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය බටහිරට බරව-නිරිත දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි අනාවැකි පලකරන්නේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දකුණු අක්ෂාංශ 07 ත් 11 ත් සහ නැගෙනහිර දේශාංශ 70 සහ 76 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (80-120) පමණ වන අතර විටින් විට පැ.කි.මී. (150-160) පමණ දක්වා වැඩිවිය හැකයි.
දකුණු අක්ෂාංශ 06 – 13 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 70-76 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.
දැනට මෙම මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ආරක්‍ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |