මුහුද ආශ්‍රිත ජනතාවට අනතුරු ඇඟවීමක්..දැඩි අවධානයෙන් සිටින්න.

Sri Lanka Weather Sea
By Aruna Dec 17, 2021 07:50 AM GMT
Report

දිවයිනට ගිණිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වනවිට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අතර, එය ඉදිරි පැය 24 තුල දිවයිනෙන් බැහැරව නැගෙනහිර දෙසට ගමන් කරනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග තද සුළං පවතින අතර, සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩිවිය හැකියි.

මේ හේතුවෙන්, ශ්‍රී ලංකාවට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කළා.

එමෙන්ම, අදාළ මුහුදු ප්‍රදේශවල දැනටමත් ධීවර කටයුතුවල නිරත පිරිස්වලට ද, වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද, දැනුම්දීමක් කෙරෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now