රට පුරා ප්‍රදේශ රැසකට අද සවස ඇති වෙන්නම දෙන්න යයි.. දැම්ම ඉදල සූදානමින් ඉන්න..
දිවයිනේ බොහෝ පළාත්වල අද (09) පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මේ අනුව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැක බව ද පැවසේ.
උතුරු, දකුණු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල උදැසන කාලයේ දී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව වාර්තා වේ.
ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.