දැඩි උණුසුමෙන් බේරෙන්න වැසියන් කරපු දෙයක්..
Anuradhapura
Weather
Latest Headlines
Decision Making
By krishani
මේ දිනවල මෙරටට බලපා ඇත්තේ දැඩි උෂ්ණත්වය සහිත කාළගුණ තත්ත්වයකී.
අනුරාධපුරයට බලපා ඇති දැඩි අව් රශ්මිය හා උෂ්ණත්වයෙන් බේරීමට බොහෝ පිරිසක් වැව් අමුණුවලට බැස ඇති අයුරු දැකගන්නට ලැබිණ.
එම නගරයට පැමිණෙන පිටස්තර ප්රදේශවලින් පැමිණි බැතිමතුන් ද කුඩා හා මහා පරිමාණ ජලාශවලට බැස වැඩි වේලාවක් ගත කරයි.
එමෙන්ම, මේ දිනවල ඇති දැඩි පිපාසය හේතුවෙන් තැඹිලි, කුරුම්බා සහ දොඩම්පානයට ද දැඩි ඉල්ලුමක් ඇති බව වෙළෙන්දෝ කියා සිටියේ ය.
කෙසේ වෙතත්, අද (17) දහවල් අනුරාධපුර නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ක අගයක පැවතියේ ය.