ඉදිරි පැය 24කාලය තීරණාත්මකයි.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Jul 30, 2024 01:37 AM GMT
Report

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉදිරි පැය 24කාලය තීරණාත්මකයි.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් මෙන්න.. | Weather In Sri Lanka 30Th July 2024

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ය 

අද (30) පෙ.ව 3.00ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ ය.

මොකක්ද මේ අද රෑ වෙනවා කියන්නෙ.. රතු නිවේදනයක් මෙන්න..

මොකක්ද මේ අද රෑ වෙනවා කියන්නෙ.. රතු නිවේදනයක් මෙන්න..


ඒ අනුව ආරබි මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට මෙම රතු නිවේදය පිළිබඳව සැලකිලිමත්වන ලෙස එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, අද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.

එමෙන්ම, වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇති වේ..

එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය..