දිවයින පුරා 02න් පස්සේ මොකද වෙන්නේ දන්නවා ද?. - අද ඔයා එළියට යන්න හිතනවා නම් මේ ගැන දැනගෙනම යන්න ඕන..

Department of Meteorology Climate Change Weather Latest Headlines
By krishani Dec 28, 2023 01:40 AM GMT
Report

අද (28) නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

දිවයින පුරා 02න් පස්සේ මොකද වෙන්නේ දන්නවා ද?. - අද ඔයා එළියට යන්න හිතනවා නම් මේ ගැන දැනගෙනම යන්න ඕන.. | Weather In Sri Lanka 28Th December 2023

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි ය.

තව ද, එම නිවේදනයේ සඳහන් වන්නේ අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.

දිවයින පුරා 02න් පස්සේ මොකද වෙන්නේ දන්නවා ද?. - අද ඔයා එළියට යන්න හිතනවා නම් මේ ගැන දැනගෙනම යන්න ඕන.. | Weather In Sri Lanka 28Th December 2023

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි ය.

කෙසේ වෙතත්, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත පරිසරයක් දැකගත හැකි අතර වැසි සමඟ ඇතිවන අකුණුවලින් ආරක්ෂා වීටම අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.