දිවයින පුරා අද සිට වැසි තත්ත්වයේ වෙනසක්...මේ ප්‍රදේශ වලට වැස්ස වැඩි වෙයි..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jan 19, 2024 01:27 AM GMT
Report

අද (19) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවයි කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි.

Sponsored By Sarrita Jewellery

දිවයින පුරා අද සිට වැසි තත්ත්වයේ වෙනසක්...මේ ප්‍රදේශ වලට වැස්ස වැඩි වෙයි.. | Weather In Sri Lanka 2024 01 19