අද දිවයින පුරා කාලගුණයේ වෙනසක්..ප්‍රදේශ රැසකට සිදුවන දේ මෙන්න..
තරංගාකාර වායුගෝලීය කැළඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනය වීමක් අද දින (14) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, මාතලේ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
තවද යාපනය, වවුනියාව, කිලිනොච්චි, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්වේ.
මේ අතර, සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එහි සදහන් වන්නේ.
නැගෙනහිර, ඌව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අවධාරණය කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.