අද මොකද වෙන්නෙ කියලා දන්නව ද?. - ජනතාවට දැනුම්දීමක් මෙන්න..
Department of Meteorology
Weather
Latest Headlines
Decision Making
By krishani
අද (18) දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව වයඹ, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර පළාත් සහ මොණරාගල, මන්නාරම, රත්නපුර සහ වවුනියා දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇත.
කෙසේ වෙතත්, එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි.