අද සවස එලියට යන අය මේ ගැන සූදානමින් යන්න..විශේෂ දැනුම්දීමක්..

Western Province Southern Province TN Weather Weather
By Aruna Jun 29, 2024 02:15 AM GMT
Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පාසල් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් 07ක් එක්වී කරපු භයානක වැඩේ මෙන්න..8 දෙනාම රෝහලේ..

පාසල් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් 07ක් එක්වී කරපු භයානක වැඩේ මෙන්න..8 දෙනාම රෝහලේ..


ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අදාල නිවේදනයේ දන්වා ඇත්තේ.

එමෙන්ම, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

රාජ්‍ය සේවකයින් අඩු කර වැටුප් වැඩි කරයි?..නව වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන්න යයි..

රාජ්‍ය සේවකයින් අඩු කර වැටුප් වැඩි කරයි?..නව වැටුප් ක්‍රමයක් හදුන්වා දෙන්න යයි..