කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්.. අද මේ ප්‍රදේශ වල වැස්ස වැඩි වෙයි..
                                    
                    Western Province
                
                                                
                    Sabaragamuwa Province
                
                                                
                    TN Weather
                
                                                
                    Weather
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
උතුරු පළාතෙත් මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බවද දැනුම්දී ඇත.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බවයි.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    