අද කාලගුණය සම්බන්ධව ජනතාවගෙන් ඉල්ලීමක්..මේ ප්‍රදේශ වල අය අවධානයෙන්.

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jun 16, 2024 12:54 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි අද දවසේ කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද ඔබ අනවශ්‍ය දේවලට පැටලිය හැකි බැවින් මේ ලග්න වල අය ඉතාමත් විමසිල්ලෙන් වැඩ කරන්න..

අද ඔබ අනවශ්‍ය දේවලට පැටලිය හැකි බැවින් මේ ලග්න වල අය ඉතාමත් විමසිල්ලෙන් වැඩ කරන්න..


ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවන බවයි දැනුම් දී ඇත්තේ.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. (35-45) පමණ වන බවයි.

ඉහත මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. (25-35) පමණ වන අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශ වල සිටින ජනතාව දැඩි අවධානයෙන් සිටින්නැයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.