දිවයින පුරා කාලගුණික තත්ත්වයේ වෙනසක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි..
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අද (31) දිනයේත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයේ දැක්වෙන්නේ, අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින්විට වැසි ඇතිවන බවයි. තවද වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ද ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්වේ.
මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.
ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවිය හැකිබවයි.