අද වැස්ස සහ සුළං තත්ත්වය වැඩි වෙයි..මේ ප්‍රදේශ වල ජනතාව අවධියෙන් ඉන්න..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna May 23, 2024 02:17 AM GMT
Report

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එහි සඳහන්.

අද වෙසක් පෝය දවසෙ ඔබේ ලග්නෙට කොහොමද කියල මෙතනින් දැනගන්න..ගමන් යන අය පරිස්සමින්..

අද වෙසක් පෝය දවසෙ ඔබේ ලග්නෙට කොහොමද කියල මෙතනින් දැනගන්න..ගමන් යන අය පරිස්සමින්..


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

වයඹ පළාතෙත් මන්නාරම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

තවද දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එහි සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.

සම්බුදු තෙමඟුල සමරන උතුම් වූ වෙසක් පුර පසලොස්වක් පොහොය දිනය අදයි..

සම්බුදු තෙමඟුල සමරන උතුම් වූ වෙසක් පුර පසලොස්වක් පොහොය දිනය අදයි..


දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.