අද සවස 2.00න් පසු දිවයින පුරා ප්‍රදේශ රැසකට තද වැසි..මේ ප්‍රදේශ වලට විශේෂයි.
Western Province
Sabaragamuwa Province
TN Weather
Weather
By Aruna
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අනුව, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකියි.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.