අදත් අහස කළු කරගෙන වැස්ස එන්නෙ මෙන්න මේ වෙලාවට - එළියට යනවා නම් උදේන්ම මේ ගැනත් දැනගෙනම යන්න.

Sri Lanka Weather
By krishani Nov 17, 2023 12:26 AM GMT
Report

අද (17) දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

එමෙන්ම, බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල සහ උතුරුපළාතේ උදෑසන කාලයේ දී ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.