දවසේ කාලගුණය - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

Sri Lanka Weather
By krishani Jun 19, 2023 12:50 AM GMT
Report

අද (19) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම උතුරු-මැද පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) පමණ තද සුළං බලාපොරොත්තු විය හැකිය.

කෙසේවෙතත්, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.