ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්.
අද(21) දිනය බස්නාහිර පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් එලෙසම විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතියි.
එමෙන්ම සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතියි.
උතුරු සහ උතුරුමැද පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි ය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |