කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි..

Sri Lanka
By krishani Aug 27, 2022 01:47 AM GMT
Report

තද වැසි සහ සුළං පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ(26) රාත්‍රී 8.30ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර ඒ අද රාත්‍රී 8.30 දක්වා වලංගු වන ආකාරයෙනී.

එහි දැක්වෙන්නේ සබරගමුව පළාතේත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බැවින් විශේෂයෙන් නායයෑමේ අවදානම සහිත කඳුකර ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව පහත් බිම්වල ජීවත්වන ජනතාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසට දැනුම් දෙනු ලබයි. 

කඳුකර ප්‍රදේශවල මාර්ග භාවිත කරන්නන් සහ රථ වාහන පදවන්නන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටියි.

කඩා වැටෙන ගස්වලින් සහ විදුලි රැහැන්වලින් ආරක්ෂා වන ලෙසට ද ඉල්ලීමක් කෙරෙන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු අතර හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහය පතන ලෙසට දැනුම්දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join