අවදානයෙන් සිටින්න - ඉදිරි පැය 36ක කාලය රටට තීරණාත්මකයි?.
ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (01) පස්වරු 4ට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ තද වැස්සක් පිළිබඳව ය.
එහි සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.
එමෙන්ම, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
තව ද, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.
මේ අතර, සක්‍රීය වී ඇති නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ හේතුවෙන් මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනු ලැබීය.
සම්පූර්ණ විස්තරය පහතින්,