ගංවතුරින් සිව් දෙනෙක් ජිවිතක්ෂයට - දැඩි කාලගුණ අනතුරු ඇඟවීමක්. (විදෙස්)
New Zealand
Weather
By krishani
ගංවතුරින් පීඩාවට පත් උතුරු නවසීලන්තයට තවත් අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව නිවේදනය කරමින් දැඩි කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඕක්ලන්ඩ්හි පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණ.
කෙසේවෙතත් පුද්ගලයන් 350 කට පමණ හදිසි නවාතැන් අවශ්‍ය බව නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් සඳහන් කර ඇත.
අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ඕක්ලන්ඩ් ගුවන් තොටුපළ යළි විවෘත කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |