කාලගුණයෙන් හදිසියේම දැඩි බලපෑම් සහගත නිවේදනයක්... ඔබත් පරිස්සමෙන්.

TN Weather Weather
By Sithumini Jun 29, 2024 03:57 AM GMT
Report

 සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

 උතුරු අක්ෂාංශ 06 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 55 ත් 70 ත් යන ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 70 – 80 තද සුළං පවතින බවයි එම දෙපාර්තමේන්තුව එමගින් අවධාරණය කරන්නේ. 

 මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

 එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙනවා. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,  


Gallery