පළාත් කිහිපයකට තද සුළං අවවාදාත්මක නිවේදනයක්

Weather Latest Headlines Sinhala news Puwath.lk Lightning Alert
By R.rishma Jul 09, 2026 09:57 AM GMT
Report

මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වලට මෙන්ම පුත්තලම, හම්බන්තොට, මන්නාරම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද (09) පෙරවරු 11.00 සිට හෙට (10) පෙරවරු 11.00 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

මේ අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බවටද දැනුම් දී තිබේ.

මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසත්, ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.