කාලගුණයෙන් අලුත්ම නිවේදනයක්..!

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Mar 29, 2024 03:31 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ, හෙටත් (30) දිවයිනේ පළාත් කිහිපයකට මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවතින බවයි.

බස්නාහිර, වයඹ, උතුරුමැද, උතුර, සහ දකුණු පළාත්වල මෙන්ම රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙලෙස මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණයක් පවතින බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල හෙට (30) පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.