අද සවස මෙන්න මේ දිස්ත්‍රික්ක වල අය අවධානයෙන් සිටින්න..

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Mar 24, 2024 10:43 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (24) ඇතැම් ප්‍රදේශවලට සවස්වරුවේ මිලිමීටර 75 ට වඩා තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම, එම දෙපාර්තමේන්තුව පවසන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලටත්, මහනුවර දිස්ත්‍රික්යේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.