හෙට සිට දිවයිනටම සිදුවන දෙයක් ගැන දැනුම්දීමක්

Climate Change TN Weather Weather
By Sewvandhi Jan 06, 2024 12:41 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, හෙට (07) සිට දිවයිනේ පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි.

හෙට සිට දිවයිනටම සිදුවන දෙයක් ගැන දැනුම්දීමක් | Weather Alert 2024 01 07

එමෙන්ම සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්මවු තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


Sponsored By Sarrita Jewellery

රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන