හෙට සිට ප්‍රදේශ කිහිපයකට සිදුවන දේ..

Climate Change TN Weather Weather
By Sewvandhi Dec 25, 2023 01:21 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට හෙට (26) දින සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

හෙට සිට ප්‍රදේශ කිහිපයකට සිදුවන දේ.. | Weather Alert 2023 12 26

එමෙන්ම,මධ්‍යම කදුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවල ඌව සහ උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමිටර 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව ද සඳහන් වෙනවා.