පාසල් නිල ඇඳුම පිටින් රූම් ගිහින් අසභ්‍ය දර්ශන වීඩියෝ කරන අතරෙ දෙන්නම මාට්ටු වෙයි..ලිංගික දර්ශන විශාල ප්‍රමාණයක් රූගත කරල.(VIDEO)
පාසල් සිසුවියක් ලෙස ව්‍යාජ ලෙස රංගනයක යෙදෙමින් අසභ්‍ය දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක නිරතව සිටි යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.
වයස අවුරුදු 28ක තරුණියක් සහ වයස අවුරුදු 29ක තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් නිත්‍යානුකූලව විවාහය ලියාපදිංචි කර ඇති අතර විවාහ උත්සවය ද එළඹෙන වසරේ සිදුකිරීමට නියමිතව ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනාම උපාධිධාරීන් වීම ද විශේෂත්වයක්.
ඔවුන් පොලීසියට පවසා ඇත්තේ, මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් තමන් මෙලෙස අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය කර අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කළ බවයි.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔවුන් ඉන් මාසයකට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් උපයා ඇති බවයි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ සහ පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී අදාළ රූගත කිරීම් සඳහා යොදාගත් බව කියන පාසල් නිල ඇඳුම්, ටයි ඇතුළු උපකරණ කිහිපයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
කලක් තිස්සේ මෙලෙස මෙම ජාවාරම සිදුකර ඇති සැකකාරිය සහ සැකකරු විසින් සකස් කර ඇති අන්තර්ජාල ගිණුමේ පරිශීලකයින් 4,400ක් පමණ සිටින අතර ඔවුන්ගේ වීඩියෝ නැරඹුම් වාර මිලියන 8.7ක් පමණ ඇති බවද අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ.
යුවළක් පිළිමතලාව ප්‍රදේශයේ ලැඟුම්හලක අසභ්‍ය දර්ශන රූගත කරන බවට කඩුගන්නාව පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතාට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්ඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැර ඇති බවයි පැවසෙන්නේ.
මීට අදාල වීඩියෝවක් පහතින් නරඹන්න,